දිට්වා (Ditwah) සුලිකුණාටුව
(Cyclone) නිසා ශ්‍රී ලංකාව තදබල ලෙස අනතුරට පත්වුනා.
අධික වර්ෂා පතනය නිසා එකපැත්තකින් කඳුකරය නාය යාමත් පහත් බිම් ගංවතුරට හසුවීමත් යන
කරුණු දෙකම නිසා මේ තත්වය වඩාත් බරපතල වෙලා තියෙන්නේ. මෙවැනි තත්වයක් ඇතිවන්නට ප්‍රධාන
හේතුව වුනේ දිට්වා සුළිකුණාටුව රට හරහා ගමන් කිරීමයි. සුළි කුණාටු ඇතිවීම නිවර්තන කලාපයේ
දැකිය හැකි සාමාන්‍ය තත්වයක්. එයට හේතුව වන්නේ නිවර්තන කලාපය අධිකව රත්වීමට ලක් වීමයි.
මේ නිසා සාගරය උණුසුම් වීම මෙවැනි සුළි කුනාටු ඇතිකරන්නට අවශ්‍ය පසුබිම සකස් කරනවා.
ඇත්තෙන්ම
සුළි කුණාටුවක් යන්නෙන් අදහස් වන්නේ කුමක් ද ? නිවර්ත කලාපයේ ඇතිවන වේගයෙන් කරකැවෙන
කුණාටු තත්වයක් මෙලෙස හදුන්වයි. අවපීඩන කලාපයක් සහිත වේගවත් සුළං සමග අධික වර්ෂාපතනයක්
ගෙන එන වායු කලාපයක් වන සුළි කුනාටු ඇතිවන්නේ උණුසුම් සාගරයට ඉහලින් බව මතක තබා ගත
යුතුය. හරිකේන්
(Hurricane), ටයිපූන් (Typhoon) යනාදී විවධ නම් වලින් නිවර්ත කලාපයේ විවිධ
ප්‍රදේශ වලදී හැදින් වුවත් මේ සියල්ල එකම වර්ගයක සුළි කුණාටු වේ. දුර්වල කුණාටු
තත්වයන් ප්‍රභල සුළි කුනාටු තත්වයක් දක්වා පරිවර්තනය වන්නේ එහි ගමන මාර්ගය උණුසුම්
සාගර කලාපයක් හරහා වැටී ඇත්නම් පමණකි. නැතහොත් එය ක්‍රමයෙන් ක්ෂය වී යයි. උණුසුම් තත්වය
සුළි කුණාටු වර්ධනයට අවශ්‍ය ශක්තිය සපයයි. සාමාන්‍යයෙන් මෙවන් වූ සුළි කුණාටුවක වේගය
පැයට කිලිමිට්ර 120 ක පමණ වන අතර ආන්තික තත්ත්වය් වලදී එය පැයට කිලිමිට 240 ක දක්වා
වර්ධනය විය හැකි බව විද්‍යාඥයින් පවසයි. මේ තත්වය් යටතේ දී සාගරයේ රළ මීටර 6 ක පමණ
උසකට නැගිය හැකි බව සොයාගෙන ඇත.
සුළි
කුණාටු ඇතිවන්නේ කොහොමද? අපි මේ ගැන සොයා බලමු. සුළි කුණාටු ඇතිකරන්නට හේතුව වන්නේ
ප්‍රධාන වශයෙන්ම නිවර්තන කලාපික සාගරය උණුසුම් වීමයි. සූර්ය තාපය ඍජුව ලැබෙන නිසා නිවර්තන
කලාපය අධිකව තාපය උරා ගනී. මේ තාපය උරාගැනීමෙන්
සාගර ජලය අවම වශයෙන් සෙල්සියස් අංශක 27 කටවත් රත් විය යුතුයි. එපමණක් නොව මෙම උණුසුම
සාගරයේ ගැඹුරට පැතිරී යායුතුය. එය අවම වශයෙන් මීටර 50 ක් පමණ ගැඹුරකට පැතිරී යායුතු වෙනවා. මේ
හේතුවෙන් සාගර ජල තලයට වහාම ඉහලින් ඇති වායු කදම්භයන් උණුසුම් වන අතර උණුසුම් ජලවාෂ්ප මිශ්‍රිත වාතය ඉහල නගින්න පටන්
ගනී. මේ නිසා ජල තලයට ආසන්නයේ අවපීඩන කලාපයක් නිර්මාණය වෙයි. ඉහල නගින උණුසුම් තෙතබරිත
වාතය ක්‍රමයෙන් සිසිලනය වී විශාල වැසි වලාකුළු
නිර්මාණය කරයි. උණුසුම් වාතය ඇති ජල වාෂ්ප සතු තාපය ක්‍රමයෙන් අවට වූ ඉහල වාතය රත්
කරන්නට හේතු වේ. මේ නිසා වාතය වේගයෙන් තව දුරටත් ඉහල නගින්නට පටන් ගනී.
කුණාටුව
කරකැවෙන්නේ ඇයි? පෘථිවි පරිභ්‍රමණයට හසුවන මෙලෙස ඉහල නැගි උණුසම් වාතය කරකැවෙන්නට පටන්
ගනී. සමකයට උතුරින් ඉහල නැගී වාතය කරකැවෙන්නේ වාමාවර්තව වන අතර සමකට දකුණු වූ මේ තත්වය
වර්ධනය වන්නේ දක්ෂිණාවෘතවයි. කිසිම අවස්ථාවක සමකය මතදී සුළිකුණාටු ඇතිවන්නේ නැත.
වේගයෙන් ඉහල නගිමින් කරකැවෙන ජල වාෂ්ප සහිත (වැසි වලාකුළු සහිත) වාතය අවට වාතය හා අවම
ඝර්ෂණ බලයක් පවත්වාගැනීම මේ තත්වය තීවෟ කරන්නට හේතු වේ.
සුළි
කුණාටුවක ව්‍යුහය කවර ආකාරයේද ? විෂ්කම්භය කිලෝමීටර 320 ක පමණ විශාල සංකෝචිත වෘතාකාර
ව්‍යුහයක් වන සුළි කුණාටුව මධ්‍යයේ වූ අවපීඩන කලාපය වටා භ්‍රමණය වෙමින් පවතී. සුළි
කුණාටුවක ප්‍රධාන කොටස් තුනක් හඳුනාගත හැකිය. අක්ෂිය, අක්ෂි බිත්තිය සහ බාහිර
(වර්ෂා) වලය යනු ඒ කොටස් තුනයි.
අක්ෂිය
සමන්විත වන්නේ අවපීඩන කලාපයකින් වන අතර මධ්‍යයේ පීඩනය පෘථිවි මට්ටමේදී මිලිබාර් 1000
ක් පමණ වන අතර දරුණු තත්ව වලදී මිලිබාර් 880 ව දක්වා අඩුවිය හැකිය. මෙම මධ්‍ය අක්ෂිය
වලාකුළු රහිත පැහැදිලි ආකාසයෙන් යුක්ත වන අතර උණුසුම් වාතයෙන් යුක්තයි. සුළි කුණාටුව
හරහා මධ්‍ය අක්ෂිය දක්වා පිධනයේ විශාල වෙනස් විමක් ඇති අතර ක්ෂණික පීඩන වෙනස අක්ෂි
බිත්තිය අසලදී දැක ගත හැකි අතර එය ඇති විශාල පීඩන අන්තරයක් ඇතිකරන්නට හේතු වේ.
මාධ්‍ය අක්ෂියේ ඇති වාතය සැහැල්ලු අතර දුර්වලව පහලට ඇදීමක් දැකිය හැකි වේ. අවට කලාපයට
වඩා සෙලියස් අංශක 5.5 කින් පමණ මෙමෙ කලාපයේ වාතය උණුසුම් වේ.
සුළි
කුනාටුවක අති භයානක සහ විනාශකාරී කොටස වන්නේ අක්ෂි බිත්තියයි. මේ කොටසේ ඇතිවන සුළං
ධාරා සහ වර්ෂාව ඉතා ප්‍රභල අතර පෘථිවි මට්ටමේ සිට මීටර 15000 ක දක්වා උසකට සංවහන වලාකුළු
නැගිය හැක. ඇතිවන විශාල පීඩන අන්තරය නිසා මීටර 300 දී පමණ සුළං ඉතා අධික වේගයක් අත්පත්
කර ගනී. මෙම මට්ටමට පහලින් ද ඉහලින් ක්‍රමයෙන් සුළං වේගය අඩුවන බව විද්‍යාඥයින් පෙන්වා
දෙයි. සුළංවේගය අඩුකරන පෘථිවි මට්ටමේදී ඇතිවන
ඝර්ෂණය නිසා සුලඟ මධ්‍ය අවපීඩන කලාපය දෙසට නැමී යන බව සොයාගෙන ඇත. අවපීඩන කලාපයට ඇදීයන සුලඟ සිසිලනය වන අතර මධයේ දී
සාගර ජලයේ වූ තාපය සහ තෙත බරිත ජලය උරා ගනී. ඉහල තාපයක් උරාගන්නා කලාපයේ වේගවත් සහ
ශක්තිම වායු ඉහල නැගීමක් අපේක්ෂා කරයි. එනිසා අක්ෂි බිත්තියේ තත්පරයට මීටර 5 10 ත්
අතර වේගයකින් සුළං ධාරා ඉහල නගින බව සොයාගෙන ඇත. මෙවන් වූ ඉහල නැගීම සිරස් සංවහන වලාකුළු
කුළුණු ඇතිකරන්නට ඉතා වැදගත් වේ. නිවර්තන කලාපික සුළි කුණාටු නිසා ඇතිවන අධික වර්ෂාව
ඇතිකරන්නේ මෙම වලාකුළු මගිනි. නිවර්තන ගෝලය කරා ලඟා වන ඉහල නැගී වාතය එලියට විහිදෙන්නට
පටන් ගනී. පෘථිවි පරිභ්‍රමණය නිසා එලියට තල්ලු වෙන වායු ධාරා කරකැවෙන අතර භූ මට්ටමේ
දී කරකැවෙන දිශාවට ප්‍රති විරුද්ධව කරකැවේ.
මේ සියල්ලට
පිටින් ඇත්තේ වර්ෂා වලයයි. වර්ෂා වලය මධ්‍ය අක්ෂිය වටා කරකැවෙමින් පවතී. සමහර අවස්ථා
වලදී මෙම වලය ස්ථිතිකව වුව තිබිය හැක. කරකැවෙන වර්ෂා වලය වෙව්ලමින් චලනය වන නිසා ගමන්
මාර්ගය නිරන්තරයෙන් ම වෙනස් වේ. එය සුළි කුණාටුවේ ගමන් පථය පුරෝකථනය අසීරු කරයි.
ගොඩබිමට
ගෙවදින සුළි කුණාටුවේ වේගයේ ගොඩබිමට ආසන්නයේ දී අඩුවන්නේ ඝර්ෂණ බලය වැඩිවීම නිසායි.
එනිසා වේගයෙන් වායුධාර අක්ෂිය දෙසට නැමෙන අතර ධාරානිපාත වර්ෂා ඇතිකරන්නට හේතුවේ.
දෛනික වර්ෂාව මිලිමීටර 250 කට වැඩිවිය හැක, ඉතා ආන්තික තත්ව වලදී මිලිමීටර 750 ක් පමණ
විය හැක. දිට්වා සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකවේ සමහර ස්ථානවලට ලැබුන වර්ෂාපතනය මිලිමීටර 800 ක් ඉක්මවා ඇති බව වාර්තා වේ.
සුළි
කුණාටුවේ ඉරණම කුමක් ද ? උෂ්ණත්ව අන්තරය නිසා හටගන්නා අවපීඩන කලාප දෙසට වැඩි පීඩන කලාපවලින්
සුළං හමන අතර ක්‍රමයෙන් එය කුණාටුවක් දක්වා වර්ධනය වේ. එම සඳහා පෘථිවියේ භ්‍රමණය ප්‍රබල
ලෙස බලපායි. මේ අතර සුළුවශයෙන් වර්ෂ වලාකුළු නිර්මාණය වන්නට පටන් ගනී. භ්‍රමණය වන සුළගේ
වේගය පැයට කිලිමිටර 38 වන විට එය නිවර්තන අවපීඩන ලෙස හඳුන්වයි. මෙම වේගය පැයට කිලිමිටර
63 ඉක්මවන විට එය නිවර්තන කුණාටුව ක් බවට පත් වේ. නිවර්තන සුළි කුණාටුවක් බවට පත්වන්
විට එහි වේගය පැයට කිලිමිටර් 120 ක් පමණ වේ. මෙම තත්වයන් නිර්මාණය වන්නේ සාගරයේ වන
අතට එය සමකයේ සිට අවම කිලෝමීටර 500 ක් වත් දුරින් බව වාර්තා වේ. මේ සඳහා අවශ්‍ය වන
ඉන්ධන වන්නේ සුර්ර්ය තාපයෙන් පොහොසත් වූ උණුසම් සාගර ජලය සහ ජලවාෂ්ප වල ශක්තියයි. මේ
තත්වයන් අවහිර වන විට පද්ධතිය බිඳ වැටෙන අතර සුළි කුණාටුව වියකි යයි.
අතිමහත්
ව්‍යවසනයක් ගෙන දුන් දිට්වා යන නාමය පට බැදෙන්නේ යේමනයේ එනමින් වූ එක්තරා කලපුවක් ඇසුරු
කරගෙනයි. දිට්වා යනු 2025 වසරේ උතුරු ඉන්දියානු සාගරයේ හටගත් 14 වන සුළි කුණාටුව වේ.
ඉන්දියානු කාලගුණ විද්‍යා ආයතනය නොවැම්බර මස 26 වැනි දින 18 පැයේ සිට මෙම සුළි කුණාටුව අධ්‍යනය කිරීම ආරම්භ කර අතර ශ්‍රී ලංකවේ
කාලගුණ දෙපාර්තුමේන්තුව ද එකෙනෙහිම තම නිරීක්ෂණ රටට දැනුම් දුන්නාය.
ලෝක
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ විශාලතම සුළි කුණාටුව වන්නේ ටයිපුන් ටිප් නම් පිලිපීනයේ
ඇති වූ සුළි කුණාටුවයි. 1979 වසරේ ඔක්තෝබර
12 වැනිදා ඇති වි මේ සුළි කුණාටුවේ මධ්‍යයේ පීඩනය මිලිබාර් 870 ක තරම් අඩු අගයක් ගෙන
තිබේ. ගෝලීයව සුළි සුළං හටගන්නා ප්‍රදේශ අනුව කලාප අටක් (08) හඳුනාගෙන ඇත.
1.
උතරු අත්ලාන්තික සගර කලාපය
2.
නැගෙනහිර පැසිපික් සාගර කලාපය
3.
බටහිර පැසිපික් සාගර කලාපය
4.
උතුරු ඉන්දියානු සාගර කලාපය
5.
නිරිතදිග ඉන්දියානු සාගර කලාපය
6.
ඕස්ට්‍රේලියානු කලාපය
7.
දකුණු පැසිපික සාගර කලාපය
8.
දකුණු අත්ලාන්තික සාගර කලාපය
1970
දී බංගලාදේශයේ හටගත් ප්‍රභල බෝලා සුළිකුණාටුව මෙතෙක් වාර්තා වූ අතිශය විනාශකාරි අත්දැකීම
වේ. එනිසා ජිවිත ලක්ෂ 3 ත් 5ත් අතර ප්‍රමාණයක් අහිමි වී ඇතායි වාර්තා වේ. මෙය බෙංගාල
බොක්ක පාදක කරගෙන ඇති වුවකි. 1737 දී ඉන්දියව සහ බංගලාදේශයට යන රටවල් දෙකටම ව්‍යවසනයක්
වූ හූග්ළි ගඟේ සුළි කුණාටුව ද බෙංගාල බොක්කේ හටගත් එකකි. එනිසා ජිවිත ලක්ෂ 3 ක් අහිමි
වි ඇත. 1881 වියට්නාමයට බලපෑ හයිපොන් ටයිපූනය තෙවනියට ප්‍රබල එක බව වාර්තා වේ,
බටහිර පැසිපික් කලාපයේන් ජනිත වූ මෙම සුළි කුණාටුව ජිවිත ලක්ෂ 3 බිලි ගෙන ඇත. සුළි
කුනාටු වාර්තා අධ්‍යනෙන් පැහැදිලි වෙන්නේ බහුතරයක් ප්‍රබල සුළි කුනාටු හටගන්නේ බෙංගාල
බොක්කේ බවයි.
1964
දී ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලයට බලපෑ සුළි කුණාටුව ඉතා ප්‍රබල කුණාටුවක් බව වාර්තා වේ.
එනිසා ජිවිත 1000 ක පමණ අහිමි වි ඇත. එමෙන්ම 1978 දී මඩකලපුවට බලපෑ සුළි කුණාටුව එවැනිම
ප්‍රභල සුළි කුණාටුවකි. මෙනිසා ජිවිත 900 ක් පමණ අහිමි වි ඇත. 2017 නොවැම්බර්/දෙසැම්බර්
හටගත් “ඔක්හි” සුළි කුණාටුව ගංවතුර මෙන්ම නායයාම් ඇතිකරන්නට හේතු විය. නොවැම්බර් සහ
දෙසැම්බර් යන කල ශ්‍රී ලංකවට මෙවැනි ප්‍රබල සුළි කුණාටූ ඇතිවන බව වාර්තා වි ඇත.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
ජේශ්ට කථිකාචාර්ය (භ විද්‍යා)
භූ ගෝල විද්‍යා අංශය
කොළඹ විශ්ව විද්‍යාලය
0718433319